Saturday, May 8, 2010

සම්භාවිතාව

සම්භාවිතාව
මූලික සංකල්ප(Fundamental Concepts)
සම්භාවිතාව පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් සම්භාවිතාව අධ්‍යයනය සඳහා නිතර උපකාරී වන ගණිතමය සංකල්ප කිහිපයක් ගැන මුලින්ම අවධානය යොමු කරමු.

කුලක වාදය(Set Theory)
සම්භාවිතාවයෙහි එන බොහෝ නියමයන් පදනම්ව ඇත්තේ කුලක වාදය මතය. එබැවින් කුලක වාදයෙහි එන මූලික කරුනු කිහිපයක් ගැන මෙහිදී අපේ අවධානය යොමු කරමු.

කුලකය (Set)
වස්තූන් සමූහයක ඕනෑම එකතුවක් කුලකයක් ලෙස හැඳින්වෙන අතර මෙම එකතුවට අයත් වස්තූන් එම කුලකයෙහි අවයව ලෙස හඳුන්වනු ලැබේ.